රථවාහන දඩ සංශෝධන ගැසට් පත්‍රය නිකුත් වෙයි

Sunday, 21 January 2018 - 13:30

%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B6%A9+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය අයවැය මගින් යෝජනා කළ රථවාහන දඩ සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

වැඩි කරන ස්ථානීය දඩ මුදල් එම ගැසට් පත්‍රයේ සඳහන් වන අතර, එහි දැක්වෙන්නේ අදාළ ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග බලපැවැත්වෙන බවයි.

කෙසේ නමුත් එම නව දඩ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා කල් අවශ්‍ය වන බව රථවාහන පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එෆ්. පතිනායක සඳහන් කළා.

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් සංශෝධන ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම පළමු පියවරයි.

එමෙන්ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හරහා ඒ සඳහා වන පෝරම සංශෝධනය කළ යුතුයි.

ඉන් අනතුරුව නිසි ලෙස සකස් කෙරෙන පෝරම දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමටද සිදුවනවා.

සංශෝධිත රථවාහන දඩ ක්‍රියාත්මක කළ හැකිවන්නේ ඉන් අනතුරුව බව රථවාහන පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.

සංශෝධිත ස්ථානීය දඩ ක්‍රමය අනුව අධික වේගයෙන් ධාවනය කිරීමේ දඩය රුපියල්  දහසේ සිට 3000 දක්වාත්, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ දඩය රුපියල් 500 සිට 1000 දක්වාත් මහා මාර්ගයක දිගු දුරක සිට වාහනය පසුපසට ධාවනය කිරීමේ දඩය රුපියල් 20 සිට 1000 දක්වාත්, ආසන පටි පැළඳීමෙන් තොරව ධාවනය කිරීමේ දඩය රුපියල් 500 සිට දහස දක්වාත් ඉහළ නංවා තිබෙනවා.

මෝටර් වාහන සංශෝධිත පනතට අනුව රථවාහන වැරදි 33 ක් සඳහා මෙලෙස ස්ථානීය දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories