දණගැස්වූ සිද්ධියට අදාළ විදුහල්පතිනිය වෛද්‍යවරයෙකු හමුවට

Sunday, 21 January 2018 - 16:40

%E0%B6%AF%E0%B6%AB%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිනියක් දණ ගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවක් මගින් සඳහන් කෙරෙන  ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙසයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

මේ අතර ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු පවරා ගන්නා ලෙසද ජනාධිපතිවරයා ඌව පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඒ අනුවයි පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කටයුතු කරනු ලැබුවේ.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ බැඳුම්කර වංචාව යට ගැසීමේ අරමුණින් තමාට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.

ළමයෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ නියෝගය මත ප්‍රධාන අමාත්‍යවරයාගේ නිළ නිවසට ගිය බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූ බවටයි ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත්, එවැන්නක් සිදුනොවූ බව අදාළ විදුහල්පතිනිය මීට පෙර ප්‍රකාශ කළ ද, ඇය පෙරේදා දිනයේදී මුල් වරට ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේ තමාට දණ ගැසීමට සිදුවූ බව මාධ්‍යයට අනාවරණ කළා.

එමෙන්ම අදාළ සිද්ධියට මුහුණදුන් බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ එම විදුහල්පතිනිය අද (21) උදෑසන බදුල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින්.

එම අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජිතයන් ද එක්ව සිටියා.

මේ අතර, දණගැස්වීමට අදාළ විදුහල්පතිනිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ඇයගේ මානසික තත්ත්වය පිළිබදව විමසා බැලීම ඇතුළු කරුණු කිහිපයක් මත එලෙස අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම සිද්ධියට අදාළව ස්ථානීය පරීක්ෂණයක් ද අද දිනයේදී සිදුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories