කතරගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය අද (21) පස්වරුවේත් යළි කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා.
එහිදී විරෝධතාවයේ නිරත වූ 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අතර පිරිමි පුද්ගලයින් 48ක් සහ කාන්තාවන් 15 දෙනෙකු ඇතුළත්.
අප වාර්තාකරු සඳහන් කළේ තවමත් ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි.
අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමේදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහායි අද අලුයම සිට ප්‍රදේශවාසීන් මෙලෙස පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන්නේ.
කතරගම සිට වැඩිහිටිකන්ද ප්‍රදේශයට ධාවනය වූ යතුරුපැදියකට මෙම වෙඩි තැබීම සිදුවූයේ ඊයේ (20) රාත්‍රී 11ට පමණයි.
කතරගම නගරයේ රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කළත්, එය අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ අතර යතුරුපැදිය පෙරළීම හේතුවෙන් පසුපැදිකරු තුවාල ලැබුවා.
සිද්ධියෙන් මිය ගියේ කතරගම - නාගහවීදිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එක් දරු පියෙක්.
මේ අතර, වෙඩි තැබීමට ලක්වූ යතුරුපැදියේ පසුපැදිකරු ප්‍රකාශ කළේ පොලීසිය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
කෙසේ වෙතත්, තරුණයා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කළ අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
අද අලුයම් කාලයේ සිට ඔවුන් කතරගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එහිදී ප්‍රථමයෙන් පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් එහිදී සිදුකළ පහරදීම් හේතුවෙන් පොලීසියේ ගොඩනැගිලිවලට සහ දේපළවලට හානි සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් යළිත් අද දහවල් කාලයේ සිට පොලීසියට ඉදිරිපිටට පැමිණ යළිත් විරෝධතාව ආරම්භ කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් චෝදනා කළේ පොලීසිය වෙඩි තැබීමෙන් පසු ඔවුන් ගමන් ගත් යතුරුපැදිය නිසි පරීක්ෂණයක් සිදුකිරීමටත් පෙර එම ස්ථානයෙන් රැගෙන ගිය බවටයි.
එහිදී ද පොලීසිය දෙවන වරටත් යළි පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ ආරක්ෂාවට තවමත් පොලිස් කැරළි මර්ධන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.
කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය තවදුරටත් සඳහන් කළේ.
එමෙන්ම වෙඩි තැබූ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය පිළිබද පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යැවූ බවයි.

Follow US
Most Viewed Stories