යාපනයේ කතකට පහරදී ඝාතනය කරයි (ඡායාරූප)

Monday, 22 January 2018 - 6:45

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය මානිප්පායි මාර්ගයේ ආනෙයි‍කෝට්ටේ ප්‍රදේශයේදී වයස අවුරුදු 72 ක කාන්තාවකට ඊයේ(21) රාත්‍රියේ  පහරදී ඝාතනය කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා.
 
යාපනය පොලිසිය පැවසුවේ ජෙගනාදන් සත්‍යබාමා නමැති කාන්තාවකට එලෙස පහරදී ඝාතනය කොට ඇති බවයි.

අදාළ කාන්තාව නිවසේ තනිව ජිවත්ව ඇති අතර, අසළ නිවසක පිරිසක් කාන්තාවට රාත්‍රි ආහාර ලබාදීමට යන අවස්ථාවක කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති බව දැක පොලිසියට දැනුම් දි ඇති බවද පොලිසිය සඳහන් කළා.
 
මියගිය කාන්තාවකගේ දරුවන් විවාහ වී වෙනත් ප්‍රදේශවල ජිවත්ව ඇති අතර, අසල්වැසියන් මියගිය කාන්තාවට අවශ්‍ය ආහාරපාන ලබාදි රැකගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
 
නිවසේ තනිව විසු කාන්තාව සතු භාණ්ඩ ලබා ගැනීමට පැමිණි සොරෙකු හෝ වෙනත් කටයුත්තක් සිදු කිරීමට පැමිණි පුද්ගලයෙකු අදාළ ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
 
පොලිසිය පැවසුවේ අදාළ ඝාතකයින් සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බවයි.

වවුනියාව - මාධව කුලසූරිය







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories