සිංගප්පූරු අගමැතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ රථවාහන සැළැස්මක්

Monday, 22 January 2018 - 8:16

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද (22) මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ - කොටුව මැදපාර දක්වා ගමන් ගන්නා මාර්ග, පස්වරුවේ ගමනාගමන කටයුතු සඳහා සීමා කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැළනි පාලම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, බොරැල්ල හන්දිය, ඩී .එස්. සේනානායක මංසන්ධිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මුවදොර වටරවුම, ගාලු මුවදොර මැද පාර දක්වා මෙලෙස ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලූ ලූන්ග් මේ මස 24 වනදා පාර්ලිමේන්තුව වෙත යාමටද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories