රංජන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වනවා

Monday, 22 January 2018 - 12:49

%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අධිකරණයට අපහාස වන අයුරින් අදහස් පළ කළ බවට රංජන් රාමනායකට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සිසිර ද අබෲ, නලින් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (22) යළි කැඳවූ අවස්ථාවේදීයි.

අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් රංජන් රාමනායකට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 21 වන දිනයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණයට අපහාස වන අයුරින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.

අද දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ විනිසුරුවරුන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කළ ප්‍රකාශය ඇතුලත් හඬ පටය අදාල මාධ්‍ය ආයතනයෙන් මේ වනවිට ලැබී ඇති බවයි.

එය මෙම පෙත්සම සලකා බලන විනිසුරුවරුන්ට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයාගේ අධ්‍යයනය සඳහා යොමු කරන බව ඔහු කියා සිටියා.

එමෙන්ම නීතිපතිවරයාගේ අධ්‍යයනයෙන් පසුව රංජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ.

ඒ සඳහා කාලය ලබාදෙමින් මෙම පෙත්සම මාර්තු මස 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories