කතරගම සාමකාමීයි

Monday, 22 January 2018 - 13:05

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92
කතරගම නගරයේ ඊයේ (21) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය රාජකාරියේ යොදවා ඇති බවයි පොලීසිය කියා සිටියේ.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු කතරගම නගරයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් පෙරේදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ නොසන්සුන් ලෙස හැසිරුණා.

 ඒ සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන්ව ඇප මත මුදාහැරුනේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මියගිය තැනැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිම කරන තෙක් මෙලෙස කළහකාරී සිදුවීම් ඇති නොකිරීමට වග බලාගැනීම ඇතුලූ ඇප කොන්දේසි 4 ක් මතයි ඔවුන්ව ඇප මත මුදාහැරුණේ.

අත්අඩංගුවට ගැනුනු වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොළඹින් පිටත්ව ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම මේ වනවිට සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories