ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක්

Tuesday, 23 January 2018 - 16:44

%E0%B6%87%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

එහි රික්ටර් මාපකයේ අගය සටහන් වී ඇත්තේ ඒකක 7.9 ක් ලෙසටයි.

භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත්කර තිබෙනවා.

මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇතැයි සඳහන්.

ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා තිබෙනවා.

ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට දන්වමින්.

කෝඩියැක් දුපත්වාසීන්ට රජය දැනුම්දී ඇත්තේ පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන පිරිස් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසටයි.

මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories