තරුණ රංගන ශිල්පියෙක් දුම්රියේ ගැටී මියයයි

Tuesday, 23 January 2018 - 18:16

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ තරුණ රංගන ශිල්පියෙකු වන Praful Bhalerao දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුම්බායි නුවරදී අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කළේ.

වයස අවුරුදු 22 ක් වන Praful Bhalerao නම් මෙම රංගන ශිල්පියාගේ සිරුර හමුවී ඇත්තේ මුම්බායි නුවර ආසන්න ප්‍රදේශයක දුම්රිය මාර්ගය අසල වැටී තිබියදීයි.

අද උදෑසන 4.30 ට පමණ දුම්රිය මාර්ගයේ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලැබුනු තොරතුරක් අනුව මෙම සිරුර සොයාගත් බව මුම්බායි නුවර දුම්රිය  බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

කෙසේවෙතත් මෙම රංගන ශිල්පියාගේ සිරුර රෝහලට ගෙන ගියත් ඔහු මරණයට පත්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

බෝරිවාලි දුම්රිය බලධාරීන් පොලිසිය වෙත ප්‍රකාශකර ඇත්තේ මෙම රංගන ශිල්පියා වේගයෙන් ධාවනය වන දුම්රියකට නැගීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවෙන් එලෙස දුම්රියට නැගීමට උත්සාහ කර ඇති අතර එහිදී අත ලිස්සා ගොස් ඔහු දුම්රිය මාර්ගයට ඇද වැටී තිබෙනවා.

එහිදී හිසට සිදුවු බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව මුම්බායි පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.

ළමා නලුවෙකු ලෙසට ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.

මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගම්බද ප්‍රදේශයක සිට මුම්බායි නුවර දක්වා යන ගැහැණු ළමයෙකු ආශ්‍රිතව නිශ්පාදනය වී ඇති නාට්‍යයකින් මෙම රංගන ශිල්පියා වඩාත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇතැයි සඳහන්.

අදාළ නාට්‍යයේ ඔහුගේ ඉතා සංවේදී රංගන විලාශය ජනතාව අතර වඩාත් කතාබහට ලක්ව තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඊට අමතරව ඔහු තවත් කිහිපයකම රංගනයෙන් දායක වී තිබෙනවා.

පසුගියදා එළිදැක්වු දීපාක් පටෙල් අධ්‍යක්ෂණය කළ Baraya චිත්‍රපටයේ ද ඔහු රංගනයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

ජනවාරි 12 වනදා එම චිත්‍රපටය එළිදැක්වුනේ ජාතික තරුණ දිනය නිමිත්තෙන්.

ඔහු දුම්රියේ ගැටෙන ආකාරය දුම්රිය ස්ථානයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබුනේ මේ ආකාරයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories