ගිනි කඳු පිපිරීමෙන් පිලිපීනයේ 56,000ක් අවතැන්

Wednesday, 24 January 2018 - 7:56

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+56%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
පිිලිපීනයේ - මයොන් ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ඒ අවට සිටින පුද්ගලයින් 56,000ක් අවතැන් වී සිටිනවා.

ඔවුන් එම ස්ථාවලින් ඉවත් කිරීමට මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අඩි දහස් ගණනක් ඉහළට මයොන් ගිනි කන්දෙන් දුමාරය පිට වන අතර, සතියකට ආසන්න කාලයක සිට එය සක්‍රියව පවතිනවා.

භූ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ එහි විශාල පිපිරීමක් සිදුවිය හැකි බවටයි.

මායොන් ගිනි කන්ද 2014 වසරේදී අවසන් වරට පිපිරීමට ලක්වූ අතර, 1841 වසරේ පෙබරවාරි මාසයේ ගිනි කන්ද පිපිරී ලාවා පැතිරී ගම්මාන යටවීමෙන් පුද්ගලයන් 1200 ක් පමණ මරුමුවට පත්වුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories