පුලතිසිපුර අධ්‍යාපන පීඨය වසා දැමේ

Wednesday, 24 January 2018 - 13:04

%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
පොලොන්නරුව - පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ ගුරුවරුන් සහ සිසු සිසුවියන් පිරිසකට හදිසියේ උණ සහ පාචන රෝග තත්ත්වයක් වැළදීම හේතුවෙන්.

ගුරුවරුන් සහ සිසුන් 200 කට ආසන්න පිරිසකට පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් විද්‍යා පීඨයට පැමිණ ප්‍රතිකාර සිදුකර ඇති අතර, එක් ශිෂ්‍යාවක් මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

විද්‍යාපීඨයේ පීඨාධිපති කේ.ඒ. ගුණපාල සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විද්‍යාපීඨය මෙලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.

රෝගී තත්ත්වය ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories