හිටපු ජනාධිපති ලේකම් විදේශ ගත වීමට අවසර ඉල්ලයි

Wednesday, 24 January 2018 - 15:12

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීම ලබන 29 වනදා දක්වා අද කල් තැබුණා.

ඒ මෙම ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන තමාට, එම ආයතනය මගින් දෝහ කටාර් හි සංවිධාන කර ඇති දේශණයකට සහභාගි වීමට අවශ්‍ය බව, ඔහු අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා  ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අධිකරණය දැනුම් දී ඇති බව සඳහන්.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වැයකර සිල් රෙදි බෙදා දීමේ චෝදනාව මත දැනට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේයි පවතින්නේ.

ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ දැනුම්දීම සඳහා එය ලබන 29 වනදා දක්වා කල් තබා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories