පවුල් ආරවුලක් නිසා කර ගත් අපරාධය

Thursday, 25 January 2018 - 11:53

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
හිනිදුම හල්විටිගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙළ වැලලාගෙන මියගොස් තිබෙනවා.

නිවසේ වහලයේ බාල්කයක ගැට ගැසු ලණුවක ආධාරයෙන් මෙම පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ සවස 2 ට පමණ මෙලෙස මරණයට පත්වී ඇත්තේ හල්විටිගල දාම්මලගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මෙම පුද්ගලයා පවුල් ආරවුලක් මත ඇතිවු සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශණයේදී අනාවරණ වී තිබෙනවා.

හිනිදුම පොලිසියයි මේ පිළිබඳ විමර්ශණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories