තණමල්විල අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

Saturday, 27 January 2018 - 16:29

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ පීල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 4 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ තණමල්විල සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කළ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

හම්බන්තොට රෝහලේදී ඉන් එක් අයෙකු මියගිය බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තවත් දෙදෙනෙකු එහි ප්‍රතිකාර ලබනවා.

මේ අතර මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ නුවරඑළියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් වරකාපොල, මාහේන ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි තුන් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

එම අනතුර පෞද්ගලික බස් රථයේ තිබූ කැමරාවක සටහන්ව තිබුනා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories