හිටපු ජනපතිට ප්‍රශ්ණයක්

Saturday, 27 January 2018 - 19:53

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 3 ක් තිස්සේ පළාත්පාලන ආයතනවල පොදු ගැටළු විසඳාගැනීමට නොහැකිවූ ආණ්ඩුව දැන් එහි බලය ඉල්ලන්නේ කුමකටදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට අද අම්පාර නගරයේදී එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවල කාලය අවසන් වී වසර 3 ක් ගතවී  ඇති බවයි.

එම කාලය තුළ අදාළ ආයතන පාලනය කළේ ආණ්ඩුව විසින් බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන්ට එහිදී කසළ ගැටළුව ඇතුලූ ජනතාවගේ පොදු ගැටළු විසඳීමට හැකියාවක් නොලැබුණු බවයි.

මේ හේතුවෙන් ඩෙංගු උවදුර ව්‍යාප්තවී එම රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් සමහර රෝහල්වලට රෝගීන් ඇතුළත් කරනොගන්නා තත්ත්වයට පත්වූ බවයි.

 එලෙස සිදුකළ ආණ්ඩුව පළාත්පාලන ආයතනවල බලය ඉල්ලන්නේ කුමටදැයි තමන් ප්‍රශ්න කරන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories