තම දරුවා මැරූ ලග්ගල පියා

Sunday, 28 January 2018 - 12:19

%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
මාස එකහමාරක් පමණ වයසැති  තම කුඩා බිළිඳිය මරා කැලෑවක වළදැමූ සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට පත් පියා ලබන 09 වනදින දක්වා බන්ධනාගාර ගත කරනලෙස නාවුල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහනියෝග කළා.

මෙසේ බන්ධනාගාර ගතවුයේ ලග්ගල ප්‍රදේශයේ පදිංචි එල් .ජී .ප්‍රසන්න පාලිත නමැති 19 හැවිරිදි අයෙක්.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් මාඔය ප්‍රදේශදී මේ පුද්ගලයා  විසින් තම සිඟිති දියණිය මෙසේ ඝාතනය කොට කැලෑවේ වල දමා ඇති බව පොලිසිය පසුගියදා තොරතුරු අනාවරණය කොට ගෙන තිබුණා.

17 හැවිරිදි බාල වයස්කාර මවක් පසුගිය (24) දින රාත්‍රියේ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න හමුවී මේ බව හෙළි කිරීමෙන් පසුව දඹුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

මීට වසර කිහිපයකට ඉහත දී බාල වයස්කාර මෙම මව ප්‍රේම සම්බන්ධතාවයක් මත තරුණයෙකු සමග විවාහ නොවී එක නිවසක ගතකිරීමත් සමග බාල වයස්කාර සිද්ධියකට නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු මෙම දැරිය පරිවාස භාරයේ සිට තිබෙනවා.

රිමාන්ඩ් භාරයේ සිට ඇප  මත නිදහස් වූ තරුණයා නැවත වරක් මෙම තරුණිය රැගෙන ගොස් ලග්ගල මාඔය ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

ඒ අතරතුරදී බාලවයස්කාර මෙම තරුණිය ගැබ්ගෙන පුංචි දියණියක් බිහිකර තිබෙනවා.
 
පසුව දියණියට මාස එකහමාරක් පමණ ගතවෙද්දී පසුගිය ජනවාරි මාසයේ  16 වන දින අඹු සැමි යුවළ අතර බහින් බස්වීමක් ඇතිවී එය ගැටුමක් බවට පත්ව තම සැමියා විසින් තම උකුලේ නිදාගෙන සිටි දියණියගේ හුස්ම හිර කොට ඝාතනය කර සැමියාගේ මව සමග කැලෑවට රැගෙන ගොස් වළ දැමූ බව ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම ළමා ඝාතනය පිළිබඳව නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දියණිය වළ දැමු  ස්ථානයෙන් මළ සිරුර ගොඩගැනීම පසුගියදා සිදුකෙරුණු අතර පච්චාත් මරණ පරීක්ෂණය 28 දින දඹුල්ල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories