ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටවල් අතරට

Sunday, 28 January 2018 - 12:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටක් ලෙස අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය නම්කර තිබෙනවා.

දේශසීමා හරහා සිදුවන මූල්‍ය විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්ත මූල්‍ය කටයුතුවලින් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලවන තර්ජන පිටු දැකීම එම සංවිධානයේ අරමුණයි.

එමගින් සිදුකරන නිරීක්ෂණයන් අනුව වාර්ෂිකව නිර්දේශ ඉදිරිපත් කරනු ලබනවා.

මෙවර එහි මූල්‍ය විශුද්ධිකරන අවදානම වැඩි රටවල් අතරට ශ්‍රී ලංකාව සමග උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරාකය සහ සිරියාව ආදී රටවල්ද නම් කර ඇති බව සඳහන්.

අන්තර් රාජ්‍ය මූල්‍ය කාර්ය සාධක බලකාය සමග  එක්ව කටයුතු කිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බරයේදී ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණුනා.

ඒ මූල්‍ය විශුද්ධිකරණ සහ ත්‍රස්ත මූල්‍ය කටයුතු වැළැක්වීම සඳහා එහි තාක්ෂණික සහය ද ලබාගැනීමේ අරමුණින්.

අන්තර් රාජ්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40 ක් මේ වසර අවසන් වනවිට ක්‍රියාවට නැංවීමටයි මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය සැළසුම් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories