විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා වෙඩි කෑ වෛද්‍ය සිසුවිය

Tuesday, 30 January 2018 - 14:19

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA
තරුණියක් වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අසාමා රාණි නමැති වෛද්‍ය සිසුවියක් බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනයට ලක්වූ තරුණියගේ ඥාති තරුණයකු විසින් ඇයට විවාහ යෝජනාවක් සිදුකර ඇති අතර එය අැය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එයට කෝපයට පත්වූ තරුණයා විසින් ඇයගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල තරුණියට වෙඩි පහරවල් 03ක් එල්ල කර ඇති අතර වෙඩි තැබූ  තරුණයා එරට ක්‍රියාත්මක Tehreek-e-Insaf නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකක් බවට හෙළිවී තිබෙනවා.

වෙඩි වැදීමට ලක්වූ තරුණිය තමන්ට වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳව සඳහන් කර මියයන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.



(උපුටා ගැනීම ඩේලි මේල්)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories