සංචාරක වීසා මත පැමිණ වෙළදාමේ නිරත වූ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 30 January 2018 - 15:09

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංචාරක වීසා මත පැමිණ ඇල්ල සංචාරක කලාපයේ වෙළදාමේ නිරත වූ ඉතාලි ජාතිකයෙකු සහ ජර්මන් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන අංශය මගින් ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සංචාරක වීසා මත මෙරටට පැමිණි මොවුන් විසිතුරු ආභරණ අලෙවි කිරීම කලක සිට සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම විදේශිකයන් දෙදෙනා මෙරටින් පිටුවහල් කිරීම සදහා අදාළ කටයුතු සිදුකර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories