ජල සේවකයන් අදත් වර්ජනයේ

Friday, 02 February 2018 - 8:28

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
සිය වැටුප් ගැටලූවලට අවශ්‍ය විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අද (02) පැය 04 ක වර්ජනයක නිරත වනවා.

මේ අතර, දැනට පවත්නා මුල්‍ය තත්ත්වය අනුව ලබාදිය හැකි සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිමට කළමනාකාරිත්වය වෘත්තිය සමිති සමග සාකච්ජා කල බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඔවුන්ගේ අදහස් හා ඉල්ලීම් පිළිබඳ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යවරයා සමග වැඩිදුරටත් සාකච්ජා කිරිමට එහිදී තීරණය වු බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, ඒකාබද්ධ රේගු වෘත්තිය සමිති සන්ධානය ඊයේ ආරම්භ කල වර්ජන ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories