චීනයේ වෑන් රථයක් පදිකයන් අතරට පදවා 18 දෙනෙකුට තුවාල

Friday, 02 February 2018 - 10:18

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
චීනයේ - ෂැංහයි නුවර ප්‍රකට අවන්හලක් අසලදී පදිකයින් අතරට පදවා පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ෂැංහයි නුවර මධ්‍යයේ ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ මෙම සිද්ධිය පිලිබඳව බලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහි පදික වේදිකාවේ ගිනි ගනිමින් තිබූ වෑන් රථයේ දසුන් සමාජ මාධ්‍ය ජාල අතරට  එක් කර ඇති බව සඳහන්.

ඇතමුන් සඳහන් කළේ එම වෑන් රථය තුළ ගෑස් බඳුන් තිබූ බවයි.

කෙසේ නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න මෙතෙත් ප්‍රකාශයට පත්වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories