හිටපු ජනපතිට සහ වත්මන් අගමැතිට වැරදුණු තැන්

Friday, 02 February 2018 - 12:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද වැරදුණු තැන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (01) හෙළිදරව්වක් කළා.

මහියංගනය ප්‍රදේශයේ ඊයේ (01) පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක පත් කිරීමට ද තමා විරුද්ධ වූ බවයි.

ජනාධිපතිවරණයට නොයන ලෙස හිටපු ජනාධිපතිවරයාට තමන් ලිඛිතව දැනුම්දුන් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් පක්ෂය මෙන්ම ඔහු ද පරාජයට පත්වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories