චීනය නිසා ශ්‍රී ලංකාවට ඉන්දීය ආධාර වැඩිවේ

Friday, 02 February 2018 - 12:57

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
චීනයේ බලපෑම කලාපය පුරා පැතිරීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට ලබාදෙන මූල්‍යාධාර ඉහළ නැංවීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව, ෂී ෂෙල්ස්, මොරිසෂ් සහ මාලදිවයින මෙලෙස ඊයේ (01) ඉදිරිපත් කෙරුණු ඉන්දීය රජයේ අයවැය මගින් වැඩි ප්‍රතිපාදන හිමිවන රටවල් වනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 150 ක මූල්‍යාධාර ලබාදීමටයි ඉන්දීය රජය තීරණය කර ඇත්තේ.

එය පසුගිය වසරේදී ඉන්දියාව මෙරටට ලබාදුන් ආධාර මුදල මෙන් දෙගුණයක්.

විශේෂයෙන් කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ වසරේදී ඉන්දියාව වැඩි අවධානයක් යොමුකරනු ඇති.

චීනය විසින් හම්බන්තොට වරායේ පාලනය සියතට ගැනීමත්, පාකිස්ථානයේ ගෞධාර් වරාය ඉදිකිරීමත් මෙහිදී ඉන්දියාවේ සැලකිල්ලට ලක්වූ කරුණු ලෙස එරට මාධ්‍ය සඳහන් කළා.

ශ්‍රී ලංකාව මෙන්ම, ෂී සෙල්ස් දිවයින වෙත ලබාදෙන මූල්‍යාධාර දෙගුණයකින් ඉහළ නංවා ඇති අතර, නේපාලය වෙත ලබාදෙන මූල්‍යාධාර පෙර වසරට වඩා සියයට 75 කින් ඉහළ නංවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories