දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය කර්මාන්න රැකගත යුතුයි

Friday, 02 February 2018 - 15:10

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දේශීය කර්මාන්ත මුල්කරගත් ප්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කියාසිටියා.

එමෙන්ම රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර 2018 ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික වැඩසටහනට ද  ජනාධිපතිවරයා අද (02)  බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී එක්වුණා.

සෑම වර්ෂයකම ලෝකයේ රැම්සාර් සම්මුතියට අත්සන් කරන ලද රටවල් පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම් දිනය සමරනු ලබනවා.

මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙවර වැඩසටහන ,තිරසර පුරවර උදෙසා තෙත්බිම් සුරකිමු, තේමාව යටතේ පැවැත්වුණා.

මේ අතර 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ රුපියල් දහසේ සමරු මුදල් නෝට්ටුව අද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ඒ, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්.

මෙම සමරු මුදල් නෝට්ටුව ලබන 6 වන දා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණය සඳහා නිකුත් කරනවා.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories