ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

Sunday, 04 February 2018 - 12:51

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ගම්පහ - නැදගමුව - බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් අතකට සහ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති එම පුද්ගලයා මේ වනවිට ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ 34 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

වැලි සහ පස් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් වෙඩි තැබීමට හේතුව වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories