ඩී.කේ.පී. අධිකරණයෙන් කළ ඉල්ලීම

Thursday, 08 February 2018 - 12:46

%E0%B6%A9%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ මෙම නඩුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීයිි.

මෙම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ අධි නීතිඥවරයා සිය විරෝධය පළ කළ අතර ඒ අනුව විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 වනදා ලබාදෙන බවයි කොටුව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

2008 - 2009 කාල වකවානුවේ තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වනවා.

හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඞී.කේ.පී. දසනායක ඇතුළු 07 දෙනෙකුට මේ වනවිට ඇප නියම වී ඇති අතර රිමාන්ඞ් භාරයේ සිටින 08 වන සහ 09 වන විත්තිකරුවන් මේ මස 22 වනදා දක්වා අද යළි රක්්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම මෙම නඩුවේ සැකකරුවෙකු වන කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා විදේශගත වීම වැලැක්වීම සහ ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අද ආගමන විගමන පාලකවරයාට නියෝග කළා.

 
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories