උදයංග වීරතුංගගෙන් ෆේස්බුක් පණිවුඩයක්

Thursday, 08 February 2018 - 16:26

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඩුබායි ගුවන්තොටුපලේදී ජාත්‍යන්තර පොලීසිය විසින් රදවා ගත් තමන්, රතු වරෙන්තුවක් නොමැති නිසා නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

ජාත්‍යන්තරව තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බව සදහන් කරන ඔහු දැනට ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නොමැති බව ද එහි දක්වා තිබෙනවා.

එසේම වැඩිදුරටත් ඔහු සදහන් කර ඇත්තේ මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව වන්දි නඩුවක් පැවරීමට තමන් සුදුසු අවස්ථාවක් උදා වූ බවයි.

පසුගිය 4 වනදා ඩුබායි ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වුණේ ඇමරිකාව බලා ගමන් කරමින් සිටියදීයි.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීමට අදාළව උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ සිදුකරනවා.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කළා.

කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ වූ දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

එසේම, හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා දිවයිනෙන් පිටත්ව යන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළ අතර ඉන් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ අබුඩාබිය බලා පිටත්ව ගොස් තිබුණා.

අනෙක් තුන්දෙනාට වීසා ගැටලූවක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටවීමට නොහැකි වූ අතර ඔවුන් අද දහවල් පිටත්ව ගිය බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, තමා නිදහස් වූ බවට උදයංග වීරතුංග සිදුකර ඇති ප්‍රකාශය පිලිබදව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනට තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories