දේශපාලන තීන්දුවක් ගැන නිදහස් පක්ෂයෙන් ඉඟියක්

Monday, 12 February 2018 - 8:00

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැදගත් දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමට පිළිතුරු ලබාදෙමින්.  

යහපාලන ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිදුකරමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේ.  

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ ජනතා අවශ්‍යතා මත පක්ෂයේ කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි.  

ඉදිරියේදී ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම නොව විපක්ෂයේ සිට තවදුරටත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි සැලසුම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

 

 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories