එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාවක

Tuesday, 13 February 2018 - 13:51

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට පැමිණි බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, විජේපාල හෙට්ටිආරච්චි, නලීන් බණ්ඩාර, තුෂාර ඉදුනිල්, කාවින්ද ජයවර්ධන, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු එක්ව සිටියා.

මීට අමතරව අද පස්වරුවේ ද  තවත් සාකච්ඡා දෙකක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත්පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට උපදෙස් ලබාදෙන බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වූ පළාත්පාලන ආයතන අතුරින් 167 කට ආසන්න ප්‍රමාණයක පාලන බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ සහයෝගය අවශ්‍ය වන බවද සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස මේ වනවිට පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග මේ තත්වය උදා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයට සහයෝගය දෙන ලෙසයි පක්ෂයේ ප්‍රබලයින් ඉල්ලා සිටින්නේ.

තම පාසලේ මිතුරන් සමග එක්වී ඔවුන්ගේ උපදෙස් අනුව ආණ්ඩුකරණය සහ එම මිතුරන්ට ආණ්ඩුවේ ප්‍රබල තනතුරු ලබාදීම මේ ගැටලුවට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රටේ ආර්ථිකය හැසිරවීමේ සියලු බලතල අගමැතිවරයාගේ පාසල් මිතුරන්ගේ කණ්ඩායම දරන බවටත් චෝදනා එල්ල වනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක චරිත රත්වත්තේගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරුට ඔහුගේ සහෝදරයා වන සුරේන් රත්වත්තේ පත් කිරීම හරහා සිදු වූ දුෂණ මේ ආණ්ඩුවේ කීර්ති නාමය කඩා වැටීමට හේතුවක් වූ බවයි පක්ෂයේ ප්‍රබලයින් පේනවා දෙන්නේ.

2002දී බලයට පත් වූ අවස්ථාවේදීත් මෙවැනිම තත්වයක් ඇති කරමින් ආණ්ඩුව විනාශ කරගත් බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙවරත් නායකත්ව මණ්ඩලයක් පිහිටුවා අගමැතිවරයා මේ අර්බුදය යටපත් කිරීමට උත්සහා කලද 2020 ජනාධිපතිවරණය ජයගැනීම සදහා අනිවාර්යන් අගමැතිවරයා මේ අවස්ථාවේ ඉවත් විය යුතු බවයි.

මේ අර්බුදය ගෙන සාකච්චා කරන්නට අද සවස එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමග අගමැතිවරයා සකච්චචාක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්චාවේදී අගමැතිවරයාට ඉවත් වන ලෙස දැන්වීමට නියමිත බවයි වාර්තා වන්නේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories