තෙවැනි ඇසේ සටහන් වූ සොරකම

Tuesday, 13 February 2018 - 18:31

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96++%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
හෝමාගම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා.

ඡායාරූප ශාලාවේ හිමිකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා කැමරා දෙකක්, ලැප් ටොප්, මෙමරි කාර්ඩ් සහ දුරකථන උපාංග සොරකම් කර ඇති බවයි.

අදාළ ආයතනයේ ජනෙල් කවුළුවකින් ඇතුලුවන පුද්ගලයෙක් පැය 3 ක පමණ කාලයක් වෙළඳසැල තුල ගත කර සොරකම් කල භාණ්ඩ ද රැගෙන එම කවුළුවෙන්ම පිටවී පළාගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය තුල හෝමාගම නගරයේ වෙළඳසැල් කිහිපයකම මේ ආකාරයෙන් භාණ්ඩ සොරකම් කර ඇති අතර මෙම සැකකරු පිළිබඳ තොරතුරක් ඇත්නම් ලබාදෙන ලෙසටයි හෝමාගම පොලිසිය ඉල්ලා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories