එජාපය තීරණයක් ගනී

Tuesday, 13 February 2018 - 20:51

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තිරණය කර තිබෙනවා.

ඔවුන් එම තීරණයට එළැඹ ඇත්තේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවකදීයි.

අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්වුනා.

මේ අතර සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳව දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ එජාප කැබිනට් අමාත්‍යවරුන් ජනපති නිල නිවසට ගොස් ඇති බව ද වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories