ගෝඨාභයගේ අතුරු තහනම් නියෝගය ලබන 28 දක්වා යලි දීර්ඝ කෙරේ

Wednesday, 14 February 2018 - 15:08

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+28+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය ලබන 28 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා.

ඒ, ඊට අදාළ පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදීයි.

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

මේ අතර බස්නාහිර පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවක් විභාග කිරීම මාර්තු මස 12 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා 15ක් යටතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිදට සහ තවත් ව්‍යාපාරිකයෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories