අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය අදින් අවසන්

Thursday, 15 February 2018 - 7:27

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.

මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවේ රැඳී සිටින බවට වාර්තා පළවුණා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණනුවන් වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරීන් කසුන් පලිසේන ඇතුලූ තුන්දෙනා බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් චෝදනා කළේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට රජයට කිසිදු වුවමනාවක් නොමැති බවටයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories