හෙදියක් සමුහ දුෂණය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා බන්ධනාගාරයට

Thursday, 15 February 2018 - 14:27

%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියක් සමුහ දුෂණය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් තවත් යුද හමුදා සාමාජිකයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නාරාහේන්පිට පොලිසිය මගිනුයි සැකකරුවන් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුනේ.

මෙම සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යුද හමුදා පොලිස් හේවා බලකායේ මන්නාරම කඳවුරට අනුයුක්තව සේවය කරන කපිතාන්වරයෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු අද අලුත්කඩේඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් 4 දෙනාගෙන් එක් අයකු කොළඹ යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ තරුණිය ඔහු සමග ප්‍රේම සබදතාවයක්ද පවත්වා ඇති අතර, සැකකරු විවාහකයෙකු බවට අනාවරණ වීමත් සමග ඇය එම ප්‍රේම සබඳතාව නතර කර තිබෙනවා.

මෙම හෙදිය පොලීසියට ප්‍රකාශ කර  ඇත්තේ 2016 වසරේ සිට අදාල වෛද්‍යවරයා ඔහුගේ මිත්‍රයින් සමග එක්ව අවස්ථා කිහිපයකදි තමන්ව සමුහ දුෂණයට ලක් කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories