හමුදා ට්‍රක් රථයක වෑන් රථයක් ගැටී පස්දෙනෙකු රෝහලේ

Friday, 16 February 2018 - 13:07

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ඒ-9 මාර්ගයේ වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ යුද හමුදා ට්‍රක් රථයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර ඉන් එක් ඇඟලුම් සේවිකාවකගේ තත්වය බරපතල බවයි පොලීසිය පවසන්නේ.

වව්නියාව සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය වෑන් රථයට ඉස්සර කිරීමට යාමේදී  වෑන් රථයේ පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසියද වැඩි දුර පරික්ෂණ සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories