ජාලිය වික්‍රමසූරියට නැවත වරෙන්තු

Friday, 16 February 2018 - 13:55

%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නැවත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඔහුට ඇප තැබූ ඔහුගේ බිරිඳ  සහ ඥාති සහෝදරියකට ද මෙලෙස වරෙන්තු නිකුත් කිරීමටයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වැඩිදුරටත් නියෝග කළේ.

මේ අතර, ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම මගින් රුපියල් මිලියන 30ක මුදලක් අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මේ මස 20 වන දා දක්වා අද කල් තැබුණා.

ඒ, නඩුව අද කොළඹ මහාධිකරණයේදී යළි කැදවනු ලැබූ අවස්ථාවේදියි.

මේ අතර, පෞද්ගලික රෝහලක හෙදියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යුද හමුදා වෛද්‍ය කපිතාන්වරයා ඇතුළු සිව් දෙනා මාර්තු මස 2 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories