වැටලීමක් අතරතුර තරුණයෙක් දියේ ගිලි මියයයි

Saturday, 17 February 2018 - 13:47

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පිළියන්දල - කහතුඩුව - හෙරළියාවල ප්‍රදේශයේ ඇළකට වැටී අතුරුදන්වූ 21 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද(17) පෙරවරුවේ සොයා ගැනුණා.

කහතුඩුව පොලීසිය ඊයේ (16) පස්වරුවේ එම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් සිදුකරන අතරතුර පලාගිය මෙම තරුණයා ඇළට පැන තිබෙනවා.

පසුව ඇලේ පාවෙමින් තිබූ  මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැනුවත් කිරීමෙන් පසුවයි පොලීසිය විසින් සිරුර ගොඩට ගෙන ඇත්තේ.

මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශවාසීන් පිරිසක්ද කහතුඩුව පොලිස් ස්ථානයට පැමිණ විරෝධය පළ කර තිබුණේ තරුණයා අතුරුදන්වී ඇති බව සඳහන් කරමින්.

එමෙන්ම මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 2 ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories