පාර්ලිමේන්තුව කල්තබයි

Monday, 19 February 2018 - 10:24

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15 කට කල් තැබීමට කථානායකවරයා මීට ටික වේලාවකට පෙර පියවර ගත්තා.

ඒ, රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි.

ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක් අද(19) දිනයේ කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මෙම විවාදය අද දිනයේ පැවැත්විය යුතු බවයි.

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 15 කට කල් තබන බවයි කථානායක කරූ ජයසූරිය දැනුම් දුන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories