Update - ජනපති සහ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාව ඇරඹේ

Monday, 19 February 2018 - 12:21

Update+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා

මෙහිදී නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Update :- Monday, February 19, 2018 1.31 pm
------------------------------------------------------------------

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කොළඹට කැඳවා තිබෙනවා.

අද (19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මෙහිදී නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවට නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18)රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.

කෙසේ වෙතත් එවැනි ලිපියක් මෙතෙක් යොමු කර නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නිදහස්  සන්ධානය නියෝජනය කරන ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories