මැතිවරණ කොමිසම, අතිරේක ලැයිස්තුවේ නම් ඉල්ලයි - කාන්තා නියෝජනය අඩු වන ලකුණු

Tuesday, 20 February 2018 - 12:17

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පළාත් පාලන මැතිවරණයෙන් සියළු පක්ෂවලට අතිරේක ලැයිස්තුවලින් හිමි වූ මන්ත්‍රී ආසන සඳහා නම් කරන ලද සභිකයින්ගේ නාම ලේඛන ඉදිරි සතිය වන විට තමන් වෙත ලැබිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ ඒ සඳහා වන සම්පූර්ණ වගකීම ඇත්තේ අදාළ පක්ෂවල මහලේකම්වරුන්ට බවයි.

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේදී සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර ඇති අතර, පක්ෂ නායකයන් පොදු එකගත්වයකට පත්වී ඇත්තේ අවශ්‍ය තැන්වලදී ඒ සදහා නම්‍යශීලි ලෙස කටයුතු කිරීමටයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය වී ඇති බැවින් ඔවුන් එම තීරණයට එළඹී තිබෙනවා.

දිවයිනේ ප්‍රාදේශීය සභා කිහිපයක කාන්තා නියෝජනය කිසිසේත් ස්ථාපිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබීම ඊට හේතුව බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කථානායකවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී අනාවරණ වූ කරුණක්.

මේ අතර, ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අතිරේක ලැයිස්තු සැකසීම අවසන් අදියරේ පවතින බව පක්ෂ ලේකම්වරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ අතිරේක ලැයිස්තු වලින් නියෝජිතයන් නම් කිරීම ආසන සංවිධායකවරයා සහ පක්ෂයෙන් නම් කරන කමිටුවක් මගින් සිදුකරන බවයි පක්ෂ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් පත්වන සභිකයින් පිළිබදව තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිරේක ලැයිස්තුවෙන් පත්වන සභිකයින් තෝරා ගැනීම මේ දිනවල සිදුවන බවයි එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට අතිරේක ලැයිස්තුවෙන් හිමි වූ සභිකයින් තෝරා ගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.

එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ දිස්ත්‍රික් නායකයින් සම්බන්ධ කර ගනිමින් ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අතර, මාර්තු 12 ව්‍යාපාරය, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ ඡන්දදායකයාගේ අභිලාෂය ඉෂ්ඨ වන අයුරින් කටයුතු කරන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories