එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඊයේ (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් දැක්වූ කරුණුවලට පිළිතුරු ලබාදෙමිනුයි කථානායකවරයා මෙම විශේෂ ප්රකාශය අද සිදුකරනු ඇත්තේ.
කථානායක කරූ ජයසූරිය මෙහිදී තවදුරටත් ප්රකාශ කළේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් ඒ පිළිබඳව අග්රාමාත්යවරයාගෙන් විමසා අද දිනයේ පිළිතුරු ලබාදෙන බවයි.

Follow US
Most Viewed Stories