ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී නැහැ - සන්ධාන මහ ලේකම්

Wednesday, 21 February 2018 - 13:31

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ජාතික ආණ්ඩුවේ වලංගු භාවය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ ජාතික ආණ්ඩුවේ වලංගු භාවය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුලූ  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ කළ කරුණු විමසීමකට පිළිතුරු ලෙසයි.

එහිදී නැගී සිටි නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයද ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වී නොමැති බවයි.  

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වූ ගිවිසුම කථානායකවරයාට යළි භාරදිය යුතු බවත්, එමෙන්ම අමාත්‍ය ධුර වැඩිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය ගත යුතු බවත් අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories