තරුණයෙකුට මරු කැඳවූ මාරක අනතුර සීසීටීවී කැමරාවේ

Thursday, 22 February 2018 - 10:57

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B7%93%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ සිදුවූ  රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.

වැලි  ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ විදේශීය සංචාරකයන් පිරිසක් ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යතුරු පැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සමීර ප්‍රසාද් නමැති යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය එම අසල ගරාජයක සවිකොට තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල දෙසින්  වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී ඉදිරියේ නවතා තැබූ බස් රථයක් පසුකර ටිපර් රථය ඉස්සර කිරීමත් සමග හබරණ දෙසින් දඹුල්ල දෙසට විදේශීය සංචාරකයන්  ගමන් කරමින් තිබූ  බස්රථය පැමිණ තිබුණා.

බස් රථය මාර්ගයෙන් ඉවත් කර ටිපර් රථයට ඉඩ දෙනවාත්  සමග ඊට පිටුපසින් වේගයෙන් පැමිණි යතුරුපැදිකරු බස් රථය ඉස්සර කර ඇති අතර පසුව ටිපර් රථයේ ඉදිරිපස හැපී පසෙකින් ගමන් කරමින් තිබූ විදේශිකයන් රැගෙන ගිය බස් රථයේ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ටිපර් රථ රියදුරාගේ සහ යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට මුල් වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ විදේශීය සංචාරකයන් රැගෙන ගිය බස් රථයේ රියදුරු  අත්ත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories