බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට

Thursday, 22 February 2018 - 13:30

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට කළ කැඳවීමකට අනුව ඔහු අද දිවයිනට පැමිණියා.

හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ  අද (22) පස්වරු 12යි 33ට පමණ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ යානයෙන් ඔහු මෙරටට පැමිණි බවයි.

කෙසේ වෙතත්, බ්‍රිගේඩියර්වරයා මාධ්‍යයට විවෘත නොකරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රථයකින් ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට පිටතට රැගෙන ගොස් තිබුණා.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණේ 70 වන නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් සිදුකිරීමේ කිරීමේ සිද්ධිය හේතුවෙන්.

පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් අනතුරුව, ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.

සිංහලේ අපි ජාතික සංවිධානයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ද බ්‍රිගේඩියර්වරයා පිළිගැනීම සදහා ගුවන්තොටුපලට පැමිණ සිටියා.

මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන සිය ධුර කාලය පිළිබද ගිවිසුම ලබන මාර්තු 31 වනදා සිට සිය කැමැත්තෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් ප්‍රසාද් කාරියවසම් ෂා ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළේ ලබන අගෝස්තු මස දක්වා ඇය එම ධුරයේ කටයුතු කිරීමට නියමිත වුවත්, ඇය කළ ඉල්ලීමක් සලකා බලා ඊට අවසරය ලබාදුන් බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories