මානව හිිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශයට ලක් රජයේ් ප්‍රතිචාර ලබන මාසයේ

Saturday, 24 February 2018 - 19:12

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
මෙරට වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලබන 21 වනදා සිදුකරන ප්‍රකාශයෙන් පසුව ලක් රජය ඊට ප්‍රතිචාර දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිණී කොලොන්නේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කරන එම වාර්තාව ඊට පෙර භාෂා 5 කට පරිවර්තනය කෙරෙන බවයි.

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් මෙම වාර්තාව ගොනුකරමින් ඉල්ලා තිබුණා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සිය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම ඔහු එමගින් ප්‍රශංසාවට ලක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories