ශ්‍රීදේවීගේ අවසන් රංගනය

Monday, 26 February 2018 - 8:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA
ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවී කපූර් අභාවප්‍රාප්ත වුණා.

ඩුබායි හි විවාහ මංගල උත්වයකට සහභාගී වී සිටියදී හෘදයාබාධයක් වැළඳීමෙන් මියයන විට ඇය පසුවූයේ 54 වන වියේයි.

දශක 05 ක් පමණ බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රීදේවි 1963 වසරේ අගෝස්තු 13 වැනිදා ඉන්දියාවේ මදුරාසි නුවරදී උපත ලැබුවා.

ඇයගේ මුල් නව ශ්‍රී අම්මා යංගර් අයියප්පන් වුවත් ලොව පුරා කා අතරත් ජනප්‍රිය වූයේ ශ්‍රීදේවි නමින්.

වයස අවුරුදු 04 දී ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ශ්‍රීදේවි හින්දිල දමිළ, තෙලිඟු,මලයාලම් සහ කන්නඩ චිත්‍රපට රැසකට දායකත්වය දී තිබෙනවා.
ඇය පිදුම්ලබා ඇති ෆිල්ම්ෆෙයාර් සම්මාන ගණන 05 ක්.

1986 වසරේදී ශ්‍රීදේවි නාගීනා චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනයත් සමග දෙස් විදෙස් රසියකයින් අතර දැඩිලෙස කතාබහට ලක්වුණා.

ශ්‍රීදේවි චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර මිස්ටර් ඉන්දියා, චන්ද්නිල චාල්බාස්, මෙන්ම සද්මා වැනි චිත්‍රපට ඒ අතරින් සුවිශේෂයි.

ප්‍රධාන නළුවෙකුගේ සහයකින් තොරව සිනමාපටයක් අති සාර්ථකව ඔසවා තැබිය හැකි වූ අතළොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර පෙරමුණේ පසුවු ශ්‍රීදේවි බොලිවුඩ් නිළියන් අතර පළමු සුපිරි තරුව ලෙසද සැලකෙනවා.

1997 වසරේදී ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිනමා ගමනට තාවකාලික විරාමයක් තැබූ ශ්‍රීදේවි යළි සිනමාවට අවතීර්ණ වූයේ 2012 වසරේදී ඉංග්ලිස් විංග්ලිෂ්
චිත්‍රපටයට දායක වෙමින්.

ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමන සිව්වන ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන්ද මෙම ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනිය පිදුම්ලබා තිබෙනවා.

සුපිරි බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක බොනී කපුර් සමග විවාහ වූ ශ්‍රීදේවි දෙදරු මවක්.

මුම්බායි සිට ඩුබායි බලා පිටත්ව ගිය විශේෂ පෞද්ගලික ගුවන්යානයකින් ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී දේවිගේ දේහය  ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩුබායි හි සුපිරි හෝටලයක පැවති පවුලේ ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට ඇය අවසන්වරට සහභාගී වී සිටින අයුරු සමාජ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories