පාතාලයේ පස් පොඩ්ඩා අත්අඩංගුවට

Saturday, 03 March 2018 - 13:00

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ගම්පහ පොලීසියට ලද තොරතුරක් මත ගම්පහ - නැදගමුව - කොටුගොඩ ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ මෙහෙයුමකදී මොහු මෙන්ම, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස ඔහු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු වන ළහිරු නවෝද පෙරේරා නොහොත් අලයා සහ දිසානායක මුදියන්සේලාගේ සම්පත් ප්‍රදීප් යන අයයි.

අද සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ පාතාල සාමාජිකයන් රැදී සිටි කොටුගොඩ ප්‍රදේශයේ නිවාස 4 ක තිබී ටී 56 ගිනි අවියක්, ටී 56 උණ්ඩ 58 ක්, මැගසින් 2ක්, ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 8 ක්, මිලිමීටර 38 වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ 3 ක්ද පොලිස්  භාරයට ගෙන තිබෙනවා.

මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී පස් පොඩ්ඩා නැමති මෙම පාතාල කල්ලි සාමාජිකයා ඇතුලූ ඔහුගේ සඟයන් සිදුකළ මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, පැහැරගැනීම් ඇතුලූ අපරාධ රැසක් පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.

පසුගිය ජනවාරි 4 වනදා ගම්පහ - නැදගමුව ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ චමින්ද හෙවත් චමී නැමැත්තා ද පාතාල සාමාජික පස් පොඩ්ඩාගේ ගෝලයෙක් බවටයි අනාවරණ වී තිබුණේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories