කොළඹ මහ නගර සභා සේවකයින් වර්ජනයක - ලලිත් වික්‍රමරත්න වැඩ බලන නාගරික කොමසාරිස් ධුරයට

Monday, 05 March 2018 - 12:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+-++%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එහි නිළධාරින් සහ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව අද (05) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

කොළඹ මහ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුව මගින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ මහා නගර සභා පරිශ්‍රයේ්දියි.

කොළඹ නාගරික කොමසාරිස්වරයා පසුගිය දෙවනදා සිට එම ධුරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබුණේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වාර්තාවෙන් හෙළිවූ කරුණුවලට අනුවයි.

ජනාධිපතිවරයා විසින් එම ඒක පුද්ගල කමිටුව පත් කළ අතර, එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබාදී තිබුණා.

කෙසේ වෙතත් දේශපාලන වුවමනා මත මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවටයි කොළඹ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුවේ සභාපති ඩබ්ලිව්.ඒ.කරුණාදාස ප්‍රකාශ කළේ.

උද්ඝෝෂණය පැවති ස්ථානයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද පැමිණියා.

කොළඹ නාගරික කොමසාරිස්වරයාට ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර කොළඹ මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් ධුරයට නියෝජ්‍ය නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න පත්කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා අප සමඟ පවසා සිටියා.

මොහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අතර එම තනතුරට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් පත් කිරීමට යන බවට මීට පෙර කොළඹ මහ නගර සභාවේ අභ්‍යන්තර ආරංච් මාර්ග අනාවරණය කළා.
 

.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories