ආගමික අසමගිය ඇති කරන කලහකාරීන්ට එරෙහිව දැඩි පියවර

Tuesday, 06 March 2018 - 7:42

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
ආගමික අසමගිය ඇති කරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරනවා.

අපරාධ කරන්නවුන්ට සහ නීතිය හා සාමය කඩ කරන්නන්ට එරෙහිව ස්ථීර සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය නොපැකිලෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති අතර, නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

පූජනීය ස්ථාන, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සමහරකට හානි සිදුකළ අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතකදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව හා තරයේ හෙළා දකින බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම දිගන සහ තෙල්දෙනිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන්නා.

ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories