මැති සබේ ප්‍රශ්නවලට උත්තර නැහැ - ජනපතිට සහ අගමැතිට දැන්වීමට කථානායකවරයා සූදානම්

Friday, 09 March 2018 - 18:53

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න රැසකට අදත් පිළිතුරු ලැබුණේ් නැහැ.

ඒ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය සිය කණස්සල්ල පළ කළ අතර, එම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින්ද ජයතිස්ස, අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍ය මහින්ද සමරසිංහද එක්වුණා.

මේ අතර, තඹුත්තේගම නගරයේ පසුගියදා පැවති ගොවි විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඊට අදාළ යෝජනාව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ඉදිරිපත් කළ අතර, විවාදය ආරම්භයේදී ආණ්ඩුව පාර්ශවයෙන් ඊට පිළිතුරු ලබාදීමට වගකිව යුතු අමාත්‍යවරයෙකු සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුලසුනේ අවධානය යොමුකළ අතර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමලවීර දිසානායක සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඊට මැදිහත් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories